වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශය යටතට පත් කළ යුතු යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
බැඳුම්කර වාර්තාව නිකුත් වී මාස ගණනක් ගත වී ඇතත් මහ බැංකුව තවමත් මුදල් අමාත්‍යාංශය යටතට පත් කර නොගැනීම නිසා බැඳුම්කර වංචාවට දේශපාලන සංදර්ශනයකට වැඩි දෙයක් නොවන බවට ජනතාව තුළ සාධාරණ සැකයක් මතුව ඇතැයි ඔහු පවසයි.
මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමෙන් බැඳුම්කර වංචාවට මාර්ගය සකස් වූ බවත් මහ බැංකුව වෙනත් අමාත්‍යාංශයක් යටතේ තබා ගැනීමේ විද්‍යාත්මක පරිපාලනයක් ලෝකයේ කිසිදු රටක නොමැති බවද එම නිවේදනය මගින් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.