අධිකරණ සේවාව විවේචනය කිරීමට අයිතියක් තිබිය යුතුයි - කැෆේ
මෙරට අධිකරණ සේවාව විවේචනය කිරීමට මෙරට පුරවැසියන්ට අයිතිය තිබිය යුතු බව කැෆේ සංවිධානයේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා අද (29දා) රාජගිරියේදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර සිටියේය.
මෙරට අනික් සෑම ක්ෂේත්රයකම පුද්ගලයන් විවේචනයට ලක්වන බව මෙහිදී පෙන්වා දුන් තෙන්නකෝන් මහතා කියා සිටියේ එලෙස විවේචනයට ලක්වීමේ ප්‍රතිඵල ලෙස රවි කරුණානායක, තිලක් මාරපන පමණක් නොව විජේදාස රාජපක්ෂ වැනි කැබිනට් අමාත්‍යවරුන්ට සිය ධුරවලින් පවා සමුගැනීමට සිදුවූ බව හෙතෙම පෙන්වා දුන්නේය.
එවන් තත්ත්වයක් තිබියදී රංජන් රාමනායක මහතාට පුරවැසියෙකු ලෙස ජනතා නියෝජිතයෙකු ලෙස අධිකරණ සේවාව, විවේචනය කිරීමේ අයිතිය ඇති බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රසාංග හරිස්චන්ද්‍ර සහ හිටපු බැංකු ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරියෙකු වන රුසිරුපාල තෙන්නකෝන් මහතාද එක්ව සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

