ඇවන්ට්ගාඩ් සමාගමෙන් රුපියල් ලක්ෂ 200ක මුදලක් ගත් බවට විජයදාස රාජපක්ෂ මහතා නගන චෝදනාව ඔප්පු කර පෙන්වන ලෙස සමගි ජනබලවේගයේ අපේක්ෂක, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
මේ පිළිබඳව 'අද' කළ විමසීමකදී සේනාරත්න මහතා පවසා සිටියේ විජයදාස රාජපක්ෂ මහතා නම් ඇවන්ට්ගාඩ් සමාගමෙන් මුදල් ලබා ගෙන ඇති බවත්, ඒ පිළිබඳව ඉදිරියේදී ඔප්පු කර පෙන්වන බවත්ය.
"විජයදාස රාජපක්ෂ කියන්නේ ඇවන්ට්ගාඩ් සමාගමෙන් යැපෙන කෙනෙක්. ආණ්ඩුවේ ඉඳගෙන අපි මොකටද ඇවන්ගාඩ් එකෙන් සල්ලි ගන්නේ?. ඇවන්ට්ගාඩ් එක වෙනුවෙන් කතා කළේ අපි නෙමෙයි. විජයදාස රාජපක්ෂ තමයි ඇවන්ට්ගාඩ් එක වෙනුවෙන් කතා කළේ.
සෞඛ්‍ය ක්ෂේත්රයට උපරිම සේවයක් කරපු මට ඇවන්ට්ගාඩ් එකේ සල්ලි ඕන නෑ. එයා සල්ලි ගත්ත හැටි පින්තූර එක්කම තියෙනවා. එයා ජනාධිපති කොමිසමට ආවේ නැතුව එදා හිටියේ නිශ්ශංක සේනාධිපතිලගේ ගෙදර දවල් කෑමට ගිහිල්ලා.
මං ගැන කියන්න විජේදාස රාජපක්ෂ කවුද? අපි ඉස්සරහට ඔප්පු කරලා පෙන්වනවා විජේදාස රජපක්ෂ සල්ලි ගත්ත හැටි. මම අභියෝග කරනවා මම රුපියල් ලක්ෂ 200ක් ගත්තා කියන කතාව ඔප්පු කරලා පෙන්වන්න කියලා" යනුවෙන්ද සඳහන් කළේය.