නාඋල, බෝගස් බොබැල්ල ප්රදේශයේ දී වන අලියෙකු පහර දීමෙන් මෙහෙණින් වහන්සේ නමක් අපවත් වී ඇතැයි නාඋල පොලීසිය කියයි.
පිංකමක් අවසානයේ උන්වහන්සේ වැඩ සිටි කුටියයට වඩිමින් සිටින අවස්ථාවේදී මෙම පහරදීම සිදුවි ඇති බව පොලිසිය කියයි.
වනඅලියාගේ පහර දීමෙන් පසු එම ස්ථානයේ දීම මෙහෙනින් වහන්සේ අපවත්වී ඇතැයි පොලිසිය සිදුකළ මුලික පරික්ෂණයේ දි හෙළිවි තිබේ.
මෙසේ අපවත්වී ඇත්තේ අතරගල්ලෑවේ ඥානමිත්ත නැමැති මෙහණින් වහන්සේ (66) නමකි.