මාර්ග සංවර්ධන අධිකාරිය හා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ව්‍යාපෘති මූලන්‍ය කිරීම සඳහා රාජ්‍ය බැංකු හරහා රුපියල් බිලියන 80ක භාණ්ඩාගාර ඇපකර නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් බිලියන 50ක භාණ්ඩාගාර ඇපකර නිකුත් කිරිමට නියමිතය.
මේ හරහා මාර්ග කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහන කඩිනම් කිරිම, මධ්‍යම අධිවේගයේ පළමු කෙටස ආරම්භ කිරීම දෙවැනි කොටසේ වැඩ කඩිනමින් අවසන් කිරීමටත් අපේක්ෂා කරයි.
එසේම නල ජල පහසුකම් වැඩිකිරීම සඳහා අවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහා රුපියල් බිලියන 30 භාණ්ඩාගාර ඇපකර නිකුත් කිරීමට නියමිතය.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබේ.