යම් පුද්ගලයෙක් කියනවා නම් මම මිනිසුන් දෙතුන් දාහක් ඝාතනය කළා යැයි කියා එතන නීතිය ක්‍රියාත්මක විය යුතුයි යැයි හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
මේ රටේ නීතියක් තිබෙනවා . යම් පුද්ගලයෙක් සැක කරනවා නම් ඔහු වරදක් කළා කියා ඔහු අත්අඩංගුවට ගන්නවා . යම් පුද්ගලයෙක් කියනවා මම එක රැයකින් මිනිසුන් දෙතුන් දාහක් ඝාතනය කළා කියලා. මට අහන්න තිබෙන්නේ එතැන නීතිය කොහෙද කියලායි.
හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (27) මහනුවර එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවති පාක්ෂික හමුවකින් අනතුරුව මාධ්‍ය හමුවේ සිය අදහස් ප්‍රකාශ කරමිනි .
එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය,
මැතිවරණ කාලවලදී ඕනෑම පක්ෂයක් කියනවා අපි ආසන අච්චර මෙච්චර ගන්නවා කියලා . නමුත් අපි තරග කරන්නේ දුරකථනය සමග නොවේ . අපි තරඟ කරන්නේ ආණ්ඩුවකට එන්න . අපේ ඉලක්කය එයයි . දුරකතනයේ ඉලක්කය වෙන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම. නමුත් අපේ ඉලක්කය නැවත ආණ්ඩුවකට ඒමයි.
එක්සත් ජාතික පක්ෂයෙන් ගිය අයට එරෙහිව විනය කටයුතු කිරීමට පෙරඑම මන්ත්‍රීවරුන්ගේ හදවත දිනා ගැනීමට කටයුතු කළ යුතුයි . ඡන්දය කාලේ වෙනත් පක්ෂයකට වැඩ කටයුතු කරනවා නම් එය වැරදියි . නමුත් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර අහෝසි කිරීම පිළිබඳව නීතිමය ප්‍රශ්න තිබෙනවා . මහාධිකරණයේ නඩු තීන්දු ඕකට අනුව එහි පූර්වාදර්ශය බලපානවා. නමුත් පළාත් පාලන ආයතන පනතේ නව සංශෝධනයට අනුව යම් මන්ත්‍රීවරයෙක් පක්ෂයෙන් නෙරපා හැරියහොත් ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වනවා .