නොරොච්චෝලේ නව ගල් අගුරු විදුලි බලාගාරය ඉදිකිරිම සඳහා නීති කටයුතු ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 17.5ක මුදලක් වැය කරමින් බාහිර නීතිඥ මහතෙකුගේ සේවය ලබා ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය ගත් තීරණය විදුලිබල බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි වහා අත්හිටුවීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇත.
දැනට විදුලි බල මණ්ඩලය තුළ නීති අංශයක් හා නීති නිලධාරින් සිටින බැවින් ඔවුන්ගේ සේවය ලබා ගනිමින් නව බලාගාරයේ කටයුතු සම්බන්ධව නීතිමය කටයුතු පවත්වාගෙන යන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ අපේක්ෂාව වන්නේ හැකි තරම් රජයේ මුදල් අනවශ්‍ය ලෙස වැය නොකර ඒ් ඒ් දෙපාර්තමේන්තු හා ආයතන සතුව පවතින සම්පත් උපරිම ප්‍රයෝජන ගනිමින් කටයුතු සිදු කිරීම බව ද අමාත්‍යවරයා පෑවසීය.