කොළඹ, කුරුණෑගල අධිවේගී මාර්ගයේ බස් රථ ධාවන කටයුතු අද සිට නිල වශයෙන් ආරම්භ වූ බවත්, ඒ අනුව උදෑසන 5.00 සිට සවස 6.00 දක්වා එම මාර්ගයේ පොදු ප්‍රවාහන සේවා කටයුතු සිදුවන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
මීට සමගාමීව ඉදිරි දිනවල මහනුවර - කොළඹ, මාතලේ - කොළඹ හා ඒ අවට නගරවල සිට කොළඹට පැමිණෙන සුඛෝපභෝගී බස් රථවලටත් කුරුණෑගල සිට කොළඹ දක්වා අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට අවස්ථාව ලබාදෙන බවද එම කොමිෂමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික සම්පත් රණසිංහ මහතා පැවසීය.
කුරුණෑගල, කොළඹ අතර ධාවනය කටයුතු සඳහා සුඛෝපභෝගී බස් රථවලට අවස්ථාව ලබාදී තිබෙන බවත්, මේ අනුව ටිකට් පතක මිල රුපියල් 390ක් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
එසේම සාමාන්‍ය මාර්ගයෙන් කොළඹ - කුරුණෑගල අතර ගමන් කිරීමේදී වැය වන කාලයෙන් විශාල කාලයක් අධිවේගී මාර්ගය හරහා ගමන් කිරීමේදී ඉතිරි කරගත හැකි බවත්, කොළඹ කුරුණෑගල අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ අසලින් ගමන් ආරම්භ කරන බවත් සම්පත් රණසිංහ මහතා පැවසීය.