තමා කිසි සේත්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර යාමේ හෝ වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබා ගැනීමේ හෝ සූදානමක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ විද්යාර්ථයකුව සිටිය දී 1981 තරම් ඈත යුගයක දී ප්රගතිශීලි ශිෂ්‍ය ව්‍යාපාරය ආරම්භ කරමින් පැමිණි දේශපාලන ගමන්මග අවසන් කිරීමේ සූදානම් නොමැති බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.
මධ්‍යම කාරක සභා තීන්දුවට පටහැනිව ක්‍රියා කළ බව කියමින් තමා ඇතුළු හය දෙනෙකු පක්ෂයේ දරන ලද තනතුරුවලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය. සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කළේ අද (22) පෙරවරුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවට එක් වෙමිනි.
“රට තුළ ආරම්භ වුණ ආර්ථික අර්බුදය විසඳන්න දේශීය වගේ ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි අන්තර් ජාතික ආයතන පවා යෝජනා කළේ රට තුළ දේශපාලනික ස්ථාවරභාවය ඊට අත්‍යාවශ්‍ය සාධකය කියලයි. අපි මුලින්ම ජාතික ආණ්ඩු යෝජනාව සාකච්ඡා කළා. ඇතැම් පාර්ශ්ව ඊට එකග වෙන්න කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තවත් ටිකක් හෙව්වා. නමුත් අපි කණ්ඩායම රට වෙනුවෙන් යම් ඉදිරි පියවරක් තැබුවා.
අපි ඒ මොහොතේත් කල්පනා කළේ රට ගිනිබත් වෙන්න නොදී ආරක්ෂි කිරීම වෙනුවෙන්. මේ අභියෝගාත්මක අවස්ථාවේ රට භාර ගන්න ගත්ත තීරණය ගැන අපි ජනාධිපතිතුමාට ගරු කරනවා.” යැයි ද අමාත්‍යවරයා පැවැසීය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අර්බුදකාරී පසුබිමක පවා සිය ආදායම් ඉල්ලක සපුරාගනිමින් සිටින බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ බදු සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති කුතුහලය අවම කරවීමේ ක්‍රියාවලියකට රජය අවතීර්ණ විය යුතු බවයි.
පෞද්ගලික බදු ගොනු සංඛ්‍යාව ලක්ෂ 15 සිට 4 දක්වා ලක්ෂ 11කින් අඩුවී ඇති තත්ත්වය සමනය කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව ද හෙතෙම පැවැසීය. රටේ ඇත්තේ අභියෝගයක් හමුවේ නොව අර්බුදයක් හමුවේ බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ අර්බුදය යනු පතුළ නොපෙනන අගාධයක් බවයි. මෙම අර්බුදය හමුවේ වෘත්තීය සමිති ඇතුළු සෑම පාර්ශ්වයක් ම යම් අභියෝගයක් භාර ගත යුතුයි.
නීත්‍යානුකූලව බලපුවා ම තීරු බද්ද අඩු කිරීමේ දී වංචාවක් වුණා නම් ඒ බද්ද යළි ඉහළ නංවල පාඩුව යළි අය කරන්න ක්‍රමයක් නෑ. ප්‍රතිපත්ති හදපු අයට දඩුවම් කරනව කිවුවට ඒක පහසුත් නෑ. ප්‍රතිපත්ති හදපු අය කිවුවොත් මගේ අරමුණ වුණේ සීනි මිල අඩු කරන්නයි කියල අපට උත්තරයක් නැති වෙනවා.
නමුත් අපට බලන්න අදාළ කාලය තුළ එම ආයතනවල ආදායම් බදු ඉහළ ගිහින් තියෙනව ද කියල. ඒ නිසා දින 10ක් ඇතුළට ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්න කියල මම දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දුන්න.” යැයි ද අමාත්‍යවරයා පැවැසීය.