නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ රැදී සිටිමින්, කොළඹ නගරයේ පවත්වා ගෙන යමින් තිබෙන සම්භාහන ආයතන ( Spa ) 06 ක සේවය කළ තායිලන්ත ජාතික කාන්තාවන් 15 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීම් වලදී අත්අඩංගුවට ගෙන මෙරටින් පිටුවහල් කරන තෙක් වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තැබීමට පියවර ගෙන තිබේ.
ගල්කිස්ස සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන යමින් තිබූ සම්භාහන ආයතන 05 සේවයේ නිරත වෙමින් සිටි වයස අවුරුදු 30 ත් 44 ත් අතරේ පසුවන තායිලන්ත ජාතිකාවන් 05 දෙනෙකු ඉකුත් 01/18 දින ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන නිලධාරීන් වටලා අත් අඩංගුවට ගෙන තිබුණි .
ඔවුන් අතර සිටි කාන්තාවන් සිව් දෙනෙකුගේ වලංගු වීසා කාළය ඉකුත් වී තිබූ අතර අනෙක් කාන්තාව සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ මෙහි සේවය කරමින් සිටියදී අත් අඩංගුවට පත් වී තිබුණි .
එමෙන්ම කොළඹ හැව්ලොක් පාරේ තුම්මුල්ල මංසන්ධිය ආශ්රිත ප්‍රදේශයේ පවත්වා ගෙන යමින් තිබූ සම්භාහන ආයතනයක් 01/23 දින වැටලූ ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන නිලධාරී කණ්ඩායම එහි මෙම සම්භාහන වෘත්තියේ නියැලී සිටි තවත් තායිලන්ත ජාතිකාවන් 10 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ .
ඔවුන් ඉකුත් වසරේ නොවැම්බර් මස සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණි වයස අවුරුදු 33 ත් 44 ත් අතරේ පසුවන තායිලන්ත ජාතිකයන් වූහ .
මෙසේ අත් අඩංගුවට ගෙන ඇති තායිලන්ත ජාතික කාන්තාවන් 15 දෙනාම ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරන තෙක් වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තැබීමට පියවර ගෙන තිබේ.