පසුගිය ගෝඨාභය රාජපක්ෂ රජය විසින් අත්හිටුවා හෝ අත්හැර දැමූ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය සහ ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක තවත් ව්‍යාපෘති 12ක් යළි පණ ගැන්වීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා කිරීමට නියමිතය.
හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනපතිවරයා ජපානය බලා පිටත්ව යාමට නියමිතය එහිදී වත්මන් අගමැති ෆුමියෝ කිෂිඩා, කැබිනට් අමාත්‍යවරුන්, ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (ජයිකා) සභාපති සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන් හමුවීමට නියමිතය.
ජනාධිපතිවරයාගේ සංචාරයේදී කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සහ LNG බලාගාර ව්‍යාපෘතිය පිළිබඳව ද සාකච්ඡාවට ලක්කිරීමට නියමිතය.
ජපාන ශ්‍රී ලංකා වෙළඳ ශේෂ්‍ය, ජපාන සෘජු විදේශ ආයෝජන (FDIs) ආකර්ෂණය කර ගැනීමටත් ජනාධිපතිවරයා විසින් මාර්ග සහ විධික්රම ගවේෂණය කරනු ඇත.
ජපානය සහ ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වැනි සංවත්සරය සනිටුහන් කරන මොහොතක ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ මෙම සංචාරය සිදුවේ.
සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි