නුවර පාර මිගමු පාර සහ පරණ අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ කොළඹට පැමිණෙන රියැදුරන්ට ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.
නව කැලණි පාලමේ ඉදිකිරිම් හේතුවෙන් ඇති වන මාර්ග තදබදය අවම කිරිම සඳහා මෙම පියවර ගෙන ඇති බව පොලීසිය පැවසීය.
ඔවුන් පෙන්වා දුන්නේ පාලමේ ඉදිකිරිම් හේතුවෙන් බේස්ලයින් මාර්ගය හා වරාය පිවිසුම් මාර්ගය අවට උදෑසන හා සවස් කාලයේ අධික රථවාහන තදබදයක් පවතින බවය.
ඒ අනුව නුවර පාර මිගමු පාර සහ පරණ අවිස්සාවේල්ල ඔස්සේ කොළඹට පැමිණෙන රථවාහන රියැදුරන්ට ඒ සඳහා පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය සඳහන් කරයි.