72 වන ජාතික නිදහස් දිනය සැමරීමට දෙමළ ජනතාවට නිදහසක් නොමැති බව පවසමින් යාපනය විශ්ව විද්‍යාල සිසුන් අද (04) සරසවිය ඉදිරිපිට කලු කොඩි එල්ලා නිදහස් දිනය කලු දිනයක් සේ සලකා ඇත.
යාපනය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය විසින් මෙම පියවර ගෙන ඇති අතර එහිදි ඔවුන් ඊයේ දින රැස්වෙමින් සාකච්ඡා කොට ඇත්තේ යුද්ධය අවසන් වි නැවත පදිංචි වූ දෙමළ ජනතාවට විසඳා ගැනීමට නොහැකි වූ විසඳුම් නොලැබුණු ගැටලු රැසක් තිබියදී නිදහස් දිනය සැමරීමට නොහැකි බවටය.
ඉඩම් බලහත්කාරයෙන් ගැනීම්, මුල් ඉඩම් නොලැබීම, දේශපාලන සිරකරුවන් නිදහස් නොවීම, අතුරුදහන් වූවන්ගේ ගැටලු, යුද අපරාධ වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් නොලැබීම ආදි ගැටලු වෙනුවෙන් දෙමළ ජනතාවට විසඳුමක් නොලැබීම නිසාවෙන් 72 වන ජාතික නිදහස් දිනය කලු නිදහස් දිනයක් සේ සලකන බවට යාපනය මහාශිෂ්‍ය සංගමය පවසයි.
යාපනය සරසවිය ඉදිරිපිට කලු නිදහස් දිනය යනුවෙන් බැනර් එල්ලා නිදහස් දිනය අද දින වර්ජනය කරන බවට යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය වැඩිදුරටත් පැවසීය.