රට ගැන හිතලා බඩ ගැන හිතලා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදුන් 69 ලක්ෂයක ජනතාවට බඩටත් නැතුව රටටත් නැති තත්ත්වයක් උදාවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.
මහබැංකු හොරුන්ට වහාම දඬුවම් ලබාදෙන ලෙසද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ ඊයේ (3) පැල්මඩුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
"ගම්මිරිස් ඇතුළු සුළු අපනයයන භෝග වල මිල වැඩි කරනවා කියලා පොරොන්දු දීලා බලයට ආපු රජය තවමත් ඒවායේ මිල වැඩි කරන්න වැඩ කර නෑ. ගම්මිරිස් ගොවියා මේ වනවිට කබලෙන් ලිපට වැටිලා. මේ ගැන හොයා බලන්න මේ අය ගැන කතා කරන්න කවුරුවත් නෑ. අපි කියනවා වහාම බොරු මාධ්‍ය සංදර්ශන නවත්තලා මේ අහිංසක ජනතාවට ගොවි ජනතාවට සහන ලබා දෙන්න කියලා.
ඊගාවට කියපු ලොකුම බොරුව තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස පෙනි සිටිය කාලයේ ප්‍රසිද්ධ වේදිකාවේ කිව්වා වතු කම්කරුවන්ගේ වැටුප් රුපියල් දහසක් දක්වා වැඩි කරනවා කියලා. ප්‍රතිපත්ති ලියකියවිලි වලත් මේවා සඳහන් කරලා තියෙනවා. දැන් කියනවා දෙන්න බෑ කියලා. සමහර මැති ඇමැතිවරු මේකට කියනවා විහිලුවට කිව්වේ කියලා. අපි වහාම රජයට කියනවා වතු කම්කරුවන් අහිංසක ජනතාව ජීවත් වෙන්නෙ බොහොම අමාරුවෙන් බොහොම දුකින් මන්දපෝෂණයෙන් මේ නිසා වහාම ඒ දීපු පොරොන්දු ඉටු කරන්න කියලා. අපි ජනාධිපතිතුමාටත් මේ වෙලාවේ මතක් කරනවා.
ඒ වගේම පසුගිය පාලන සමයේ ඒ කියන්නේ අපේ පාලන සමයේ රාජ්‍ය සේවකයන්ට වැඩි කරපු වැටුප් සහ විශ්‍රාමිකයන්ට වැඩි වුණු විශ්‍රාමික දිමනා ඒ සියල්ල මේ රජය විසින් දැන් ක්‍රමක්‍රමයෙන් කප්පාදු කරමින් යනවා. පසුගියදා ඉංග්‍රීසි පුවත්පතක මම දැක්කා විශ්‍රාමිකයින්ට වැඩි කරපු විශ්‍රාම වැටුප් ගෙවන්නේ නෑ කියලා ඒ පුවත්පතේ තිබුණා ඒක රජයේ තීන්දුවක් ලෙස අරගෙන තිබුණ කියල සඳහන් වුණා.
අපි කියන්නේ මේවා කරන්න නෙමෙයි ආණ්ඩු පත් කර ගන්නේ. විශ්‍රාමිකයින්ට මේවා හිමිවිය යුත්තක් මේක උන්ගේ අයිතිවාසිකමක් ඇයි මේවා කප්පාදු කරන්නේ තමන්ගේ දේවල් නැති කරගන්න නෙමෙයි ගෝඨාභය මහත්තයට ඡන්දය දුන්නේ.
69 ලක්ෂයක් ඡන්දය දුන්නේ රට ගැන හිතලා. දැන් රට මොකක්ද වෙලා තියෙන්නෙ අන්න අක්කර් තුන හතර දැන් සින්නක්කරම පිටරටවල් වලට විකුණලා. දැන් බලාගෙන යනකොට මේ ආණ්ඩුව ජනතාවගේ බඩ ගැන හිතලත් නැහැ රට ගැන හිතලත් නෑ. පාර්ලිමේන්තුවේ දැනුවත් කරන්න නැතුව අක්කර තුන හතර සින්නක්කරම විකුණලා තියෙනවා. තව ඒවා විකුණන්න බලාගෙන ඉන්නවා.
රජයේ බලයට පත්වුණේ බොරු පොරොන්දු දිලා. තව කාරණයක් තමයි බැංකු හොරුන්ට බලයට පත් වුණු ගමන් දඬුවම් දෙනවා කිව්වා. මහ බැංකුවේ සිද්ධවෙච්ච වංචාව සම්බන්ධයෙන් අපි එදත් පාර්ලිමේන්තුවේ කතා කළා අදත් පාර්ලිමේන්තුවේ කතා කරනවා ඒ අපි නගපු එකක් තමයි පාර්ලිමේන්තු කොමිසම් සභා කෝප් කමිටු සියලූ විමර්ශන සිවුණේ අපේ රජයේ ඒක යට ගැහුවේ නෑ. ඒක අපි වැරැද්දක් හැටියට පිළිඅරගෙන ඒ විමර්ශන ක්‍රියාවලිය අපි ආරම්භ කළා. ඒ ක්‍රියාවලිය කූටප්‍රාප්තිය තමා මේ වෝහාරික විගණන වාර්තාව කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා බොහොම විනිවිදභාවයෙන් පිළිගත් සමාගම් වල මැදිහත් වීමෙන් තමයි ඒක කලේ. මේක ගැන කාටවත් ප්‍රශ්නයක් ඇතිව වෙන්න විදිහක් නෑ. සියලූ දෙනා එකඟතාවෙන් තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ.
මේ වාර්තාවෙන් කියන්නේ පසුගිය අපේ රජයේ සමයේ වගේම මහින්ද රාජපක්ෂ පාලන සමයේ රජයේ කාලෙත් මේ වංචාව මේ මංකොල්ලය මේ හොරකම් දිගටම සිද්ධ වෙලා කියන එක තමයි මේකෙන් කියන්නෙ. ඒවාට සම්බන්ධ වෙච්ච අය ඒ නිලධාරීන්ගේ අදාල සමාගම් මේ සියල්ල හෙළිදරවු වෙලා තියෙනවා.
වාර්තා අවසාන වශයෙන් කියන්නේ (2015) වර්ෂයේ සිද්ධ වෙච්ච මුදල් වංචාවට වඩා විශාල වංචාවක් විශාල හොරකම් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සිද්ධ වුණා කියන එක මේ වාර්තාවේ පැහැදිලිව කියනවා. අපේ රජය කාලේ මිලියන 600ක වංචාවක් මහින්ද රාජපක්ෂ පාලන සමයේ මිලියන දාහක වංචාවක් සිදුවෙලා තියෙනවා කියලා ඒ කියන්නේ බිලියනයක් වංචාවත් සිදුවෙලා තියෙනවා කියලා. පාඩුවක් සිදු වෙලා තියෙනවා මේවට වගකිවයුතු අය අල්ල ගන්නෙ නැද්ද කියන එක අපි අහන්වා මේවට වගකිවයුතු අය දැන් මේ රජයේ ඉහළ තනතුරු දරන අර්ජුන මහේන්ද්‍රන් විතරක් නෙමෙයි මේ සියලූ දෙනාම වගකියන්න ඕනි මේ අය කොහොමද මේ තනතුරු දරන්නේ මේ වාර්තාවෙ තියෙනවා ඒ අපරාධ කරපු අය මේවට කියන්න ඕනි කියන එක මේ ලියවිල්ල අධිකරණය සඳහා පිළියෙල කරන ලද ලියවිල්ලක් මේක වහාම අධිකරණ ඉදිරිපත් කරන්න කියලා අපි කියනවා ඇයි කැබිනට් මණ්ඩලය තවත් ප්‍රමාද වෙන්නේ මේ සම්බන්ධයෙන් නීතිපතිතුමා කියන්න ඕනි අපරාධ පරීක්ෂණයක් පවත්වන්න කියලා. ඇයි ඒක කරන්නේ නැත්තෙ" යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
බලන්ගොඩ - රෝහණ වසන්ත.