රටක බැංකු පොලිය පාලනය කිරීමට දේශපාලඥයෙකුට හෝ දේශපාලන පක්ෂයට මැදිහත්විය නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
සමස්ත මුදල් ක්‍රමය, බැංකු ක්‍රමය පාලනය කිරීම වෙනුවෙන් බලය ඇත්තේ මහ බැංකුවට බවත් එයට මැදිහත්වුවහොත් මහ බැංකුව ස්වාධීන කරන ලෙසට උද්ඝෝෂණ කරනු ඇතැයිද අමාත්‍යවරයා පැවැසීය.
ප්‍රතිපත්ති පොලී අනුපාතිය තීරණය කරන්නේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් බවත් මේ වන විට සියයට 32කට පොලිය වැඩිවීම සියල්ලන්ටම අමාරු බවත් ඔහු පැවැසීය.
බැංකු පොලී අනුපාතය තීරණය කරන්නේ මහ බැංකුව විසින් බවත් නොදැනුවත්කම තුළ පොලී අනුපාත වෙනුවෙන් රජයට බලපෑම් කිරීම ඵලදායි නොවන ක්‍රියාවක් බවත් ඔහු සඳහන් කළේය.
ඉදිරියේදී බැංකු පොලී අඩු කරන්නේදැයි යනුවෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වූ මාධ්‍ය වේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.