ඇඳිරි නීතිය උල්ලංඝණය කරමින් නිවසක මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ සැකකරුවන් 11 දෙනෙකු කලතුර දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මොරොන්තුඩුව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ.
අවුරුදු 17-52 අතර වයස්හි පසුවන්නන් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් හෙට පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
සැකකරුවන් සන්තකයේ තබී හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 715ක්, කේරළ ගංජා ග්‍රෑම් 26ක් හා මත්පෙත් 72ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.