ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 01 වන දින කුච්චවේලි ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයකදී මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගන්නා ලදි.
මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 18 සහ 37 යන වයස්වල පසුවන කුච්චවේලි, වඩලිකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනාගෙන ඇති අතර, අදාල සැකකරුවන්, පුපුරණ දුව්‍ය සහ යතුරු පැදිය සම්බන්ධයෙන් ඉදරිවිමර්ශණ කටයුතු සිදු කිරීම සඳහා කුච්චවේලි පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.