ආගමික ස්ථානවල විදුලිබිල සම්බන්ධයෙන් ඉදිරියේදී සහනයක් ලබාදෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ආගමික ස්ථානවල විදුලිබිල සම්බන්ධයෙන් දිගුකාලීන සහනයක් ලැබෙන ආකාරයෙන් සූර්ය බලයෙන් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලෙසත්, වෙනත් සහන සැලසිය හැකි ක්‍රමවේද සාකච්ඡා කර අවසන් තීන්දුවක් ගන්නා ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව ද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (23) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.