යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු මහතා වීශ්‍රාම ගැන්වීම සහ ඔහුට අවසන් ආචාර පෙළපාලිය පැවැත්වීම අද (07) දින පෙරවරුවේ දඹුලු හල්මිල්ලෑව යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි.
වසර 34 ක යුධ හමුදා සේවය නිම කරමින් මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු මහතා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙස සහ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස විශ්‍රාම යෑම අද දිනයේ සිදුවිය.
මෙම විශ්‍රාම ගැන්වීමේ පෙළපාලිය පුරා විසිරී සිටින යාන්ත්‍රික පාබල රෙජිමේන්තු කඳවුරුවල ප්‍රධානීන් හා යුද හමුදා නිලධාරීන් එක්ව සංවිධානය කොර තිබිණි.
1986 මාර්තු 10 වන දින තමන් යුද හමුදාවට බැඳී වසර 34 ක යුධ හමුදා සේවය සිදුකළ බවත් ඒ සඳහා තම යුද හමුදා දිවියේ තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කිරීමට නායකත්වය දායකත්වය ලබාදීමට හැකියාව වූ බවත් හෙතෙම මෙහිදී සඳහන් කළේය.
දඹුල්ල කාංචන කුමාර ආරියදාසද