කොරෝනා වෛරය පැතිරීම පාලනය කිරිම සඳහා විෂබීජහරණ කුටියක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇති බව නාවික හමුදාව පවසයි..
විෂබීජහරණ කුටිය මගින් එකවර මුළු ශරීරයේම විෂබීජහරණය කිරීමට හැකියාව ඇති බව නාවික හමුදාව පෙන්වා දෙයි.නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ඉංජිනේරු කාර්මික නාවික පුද්ගයින් පිරිසක් විසින් මෙකි විෂබීජහරණ කුටිය නිර්මානය කොට තිබේ.
ඉන් එක් යන්ත්රයක් නාවික හමුදා මූලස්ථානයට ඇතුල්වන ප්රධාන දොරටුවෙහිද ස්ථාපනය කිරීමට කටයුතුකර ඇති බවද නාවික හමුදාව පවසයි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත ශ්රී ලංකා නාවික හමුදාව මෙකි විෂබිරහරණ කුටිය නිර්මානය කොට ඇත.