සිගරට් සඳහා වන තීරු බදු අඩුකිරිමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ සඳහා වන අතිවේශේෂ ගැසට් නිවේදනය පසුගිය 14දා නිකුත් කර තිබේ.
ඒ අනුව මිලි මීටර් 67 – 77 අතර සිගරට් 1000ක් වෙනුවෙන් අයකරන තීරු බද්ද රුපියල් 37600 සිට රුපියල් 33000ක් දක්වා අඩුකර තිබේ.
මේ හේතුවෙන් රජයට වාර්ෂිකව සිදුවන පාඩුව රුපියල් බිලියන 1.4ක බවට ගණන් බලා තිබේ.