කඳාන පොලිස් වසමේ දොලහේන ප්ර දේශයේ නිවසක ඇතිවූ පුද්ගලික ආරවුලක් දුර දිග යාම හේතුවෙන් පුද්ගලයෙකු විසින් තම දියණියගේ ස්වාමි පුරුෂයාට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
මෙම පොලු පහරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇවුරුදු 28ක් වන දොලහේන කඳාන පදිංචිකරුවෙකි.
මරණකරු බිරිඳගෙන් මුදල් ඉල්ලා ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් බිරිඳගේ පියා මෙම පහරදීම සිදුකර ඇති බවට පොලීසිය කළ විමර්ශනවලදී අණාවරණය වී තිබේ.
අවුරුදු 57ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ඊයේ රාත්රි යේ මෙම ඝාතනය සිදුව තිබේ.