සෑම රාජ්‍ය අයතනයකම සේවක සංඛ්‍යාව අඩු කිරීම වෙනුවෙන් මේ දිනවල කටයුතු කරමින් පවතින බවත් කාර්ය භාරයක් නොමැති සේවකයන් වෙනුවෙන් ස්වයං විශ්‍රාම යාමේ ක්‍රමයක් සකස් කිරිමට කටයුතු කරමින් තිබෙන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
" අපි දුම්රිය සේවයට සාමාන්‍ය කම්කරුවන් 3000ක් බදවා ගන්නවා. ඒ් ඒකම කෙනෙක්වත් අලුතෙන් රාජ්‍ය සේවයට බදවා ගන්නේ නෑ. බහුකාර්ය බලකායට බැදිලා සිටින තැනැත්තන් දුම්රිය කම්කරුවන් ලෙස ස්ථිර සේවයට බදවා ගන්නවා.
දැනට ඉන්න රාජ්‍ය සේවය තුළින් තමයි මේ අය බදවා ගන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයට අවශ්‍ය ගුරුවරු 26000ක් බදවා ගන්නෙත් දැනට රාජ්‍ය සේවයේ ඉන්න අයමයි'"