කිරි ආශ්රිත බීම වර්ග හා බේකරි නිෂ්පාදකයින්ට අවශ්‍ය පරිදි සකස් කළ පළතුරු ආශ්රිත අමුද්‍රව්‍ය සපයන ලොව විශාලම සැපයුම්කරුවෙක් වන ORANA ආයතනය විසින් පළිතුරු ආශ්රිත සැපයුම් කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීම සඳහා ඉල්ලීමක් සිදුකර තිබේ.
මේ සඳහා පන්නල පිහිටි කාර්මික ජනපදයෙන් අක්කර 02ක පමණ ඉඩම් කොටසක් ලබාගැනීමටද ඔවුන් ඉල්ලීමක් කර තිබේ.
යෝජිත ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක ආයෝජනයක් කිරීමට නියමිත අතර එම අදියර යටතේ රැකියා අවස්ථා 30ක් පමණ බිහිවනු ඇත.
ඒ අනුව ORANA ආයතනය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය අතර ගිවිසුමකට එළඹීමට යටත්ව අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පන්නල කාර්මික ජනපදයෙන් ඉඩම් කොටසක් ලබාදීම සඳහා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.