නුවරඑළිය, නානුඔය - රදැල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරින් ළමුන් තිදෙනෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි. මෙම අනතුරින් පුද්ගලයන් 7ක් මිය ගියේය.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ළමුන් රැගත් බස් රථයක්, වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් ඊයේ (20) පස්වරුවේ මෙම අනතුර සිදුවිය.
මිය ගිය පුද්ගලයන් 7 දෙනා අතරින් 6 දෙනෙක්ම වෑන් රථයේ ගමන් කළ පුද්ගලයන් වෙයි. අනෙක් පුද්ගලයා ත්‍රි රෝද රථයේ ගමන් කළ අයෙකි.
මියගිය පිරිස අතර අවුරුදු 08ක් සහ 12ක් වයසැති ගැහැණු ළමුන් දෙදෙනෙක්, අවුරුදු 13ක පිරිමි දරුවෙකුද වන පොලීසිය සඳහන් කළේය.
අවුරුදු 26 සහ 27 වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ 43 හැවිරිදි කාන්තාවක් ද මියගිය පිරිස අතර වූහ. මෙම අනතුරින් පාසල් සිසුන් 41 දෙනෙකු ඇතුළු 53 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබේ.