කොරෝනා වෛසරය ලංකාවේ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා විසඳුම් රාශියක් ඇති බවත් ඒ පිළිබඳ අවසන් තිරණය අද පස්වරුවේ පැවැත්වෙන ක්‍රියාකාරී කමිටුවෙිදී තිරණය කරන බවත් සෞඛය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පැවැසුවාය.
අද (27දා) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.
“මේ වන විට කරන ලද පර්යේෂන හරහා මෙම රෝගය වැළඳී තිබෙනවද කියලා රුධිර සාම්පලයකින් බලා ගැනීමට පුළුවන් තාක්ෂණය අපේ වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් සක්ස් කර තිබෙනවා.
ඇඟේ උෂ්ණත්වය නැතිව ලෙඩා අපි අතරට එන්න පුළුවන්. දවස් 15ක් මේ රෝග ලක්ෂණ පෙන්වන්නේ නෑ. චීනයේ සිට පැමිණෙන සිසුන් පිළිබඳව ගන්නා තීරණය අපි ක්‍රියාකාරී කමිටුවෙන් ගන්නවා.”