මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2016 වසරේ සිට 2019 දක්වා වූ කාලය තුළ සිදුව ඇතැයි පැවසෙන වංචා සහ දූෂණ සෙවීමේ කමිටුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කර ඇති අතර, ඊට අදාළ පැමිණිලි එළඹෙන පෙබරවාරි 10 වැනිදා දක්වා භාර ගැනීමට නියමිතය.
ඒ අනුව මේ පිළිබඳ වූ යම් පැමිණිල්ලක් වේ නම්, බත්තරමුල්ල, සෙත්සිරිපාය, 8 වැනි මහගේ පිහිටි බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ, කාමර අංක 06හි ක්‍රියාත්මක මෙම කමිටුව වෙත පැමිණ හෝ තැපැල් මගින් හෝ ඉදිරිපත් කිරීමට මහජනතාවට හැකියාව තිබේ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ දැක්ම හා මෙහෙවරට පරිබාහිරයව පසුගිය කාලයේ විවිධ අක්‍රමිකතා හා දූෂණ සිදුව ඇති බවට මහජන පැමිණිලි රාශියක් එම අමාත්‍යාංශය වෙත ලැබී තිබීම හේතුවෙන් අදාළ පැමිණිලි විමර්ශනය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් මෙම කමිටුව පත් කළ බවද සඳහන් වේ.