මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ ක්‍රීඩාංගනයේ ආරක්ෂක නිලධාරියාගේ ඝාතනය ප්‍රේම සම්බන්ධතාවයක් මත සිදු වූ බවට අනාවරණය වී ඇති අතර ඊට සම්බන්ධ සැකකරුමහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සැකකරු කොළඹ ප්‍රදේශයේ සැඟව සිටියදී එසේ අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම ඝාතනය පසුගිය 17 වැනි දින අලුයම් කාලයේ සිදුවී තිබූ අතරඑසේ ඝාතනය වී තිබුණේ බණ්ඩාරගමතුන්මෝදර ප්‍රදේශයේ පදිංචි උපුල් සම්පත් (27) නැමැති එක් දරු පියෙකි .
සැකකරු ඝාතනයට ලක්වූ පුද්ගලයා සමඟ එකම ආරක්ෂක සේවා ආයතනයක සේවය කරමින් සිටඇති අතර සැකකරු ආරක්ෂක සේවා කටයුතු කළ ආයතනයේ පවිත්‍රතා සේවිකාවක සමඟආදර සම්බන්ධතාවයක් පවත්වා තිබෙන බවත්එම කාන්තාව සමග ඝාතනයට ලක්වූ පුද්ගලයා ද සමීප සම්බන්ධතාවක් පවත්වා තිබෙන බවත් පොලිස් විමර්ශන විමර්ශන වලදී අනාවරණය වී තිබේ .
සිද්ධිය සිදු වූ දින සැකකරු ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ක්‍රීඩාංගනයට පැමිණඝාතනයට ලක්වූ උපුල් සම්පත් සමඟ මත්පැන් පානය කරන අවස්ථාවේ ඝාතනයට ලක්වූ අය අදාළ සේවිකාවට දුරකථන ඇමතුමක් ලබාදී එයසැකකරුට අසා සිටීමට සැලැස්වීමෙන් පසු දෙදෙනා අතර සිදුවූ ආරවුලක්මෙම ඝාතනයටමුල් වී ඇති බවපොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .
සැකකරු විසින් තම මිතුරාව ඝාතනය කොට ඔහු සන්තකයේ තිබූ රුපියල් 3000ක මුදලක්ද රැගෙන පළා ගොස් තිබෙන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයවැඩිදුර විමර්ශන සිදු කරයි .
ෂේන් සෙනෙවිරත්න