පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතා පොලිස් සුබ සාධන කොට්ඨාසය වෙත මාරු කර තිබේ.
වැඩබලන පොලිස්පතිවරයාගේ ඉල්ලීම අනුව ජාතික පොලිස් කොමිෂමේ ආවරණ අනුමැතියට යටත්ව මෙම මාරුකිරීම් සිදුකර තිබේ.
ජාතික පොලිස් කොමිෂම නැවතත් බ්‍රහස්පතින්දා දිනයේදී රැස්වීමට නියමිත අතර එහිදී මෙය ලිඛිතව දැනුම් දීමට නියමිතය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ජී.කේ.ජේ. අපෝන්සු මහතා පත්කර තිබේ.