මාතර, තිහගොඩ, මාගල්ගොඩ ජල පොම්පාගාරය අසලින් නිල්වලා ගඟට බැස සිය ජංගම දුරකථනය සොයමින් සිටි පොලිස් සැරයන්වරයෙකු ඊයේ (1) රාති‍්‍රයේ කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව තිහගොඩ පොලීසිය පවසයි.
මෙසේ කිඹුලකු පැහැර ගැනිමෙන් අතුරුදන්ව ඇත්තේ බණ්ඩාරවත්ත තිහගොඩ ප්‍රදේශයේ පදිංචි කොම්පඤ්විදිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් අතුල කණ්ඩමිබි (54) යන අයයි.
පොලිස් සැරයන්වරයා ඊයේ (1) රාති‍්‍ර 7ත් 8ත් අතර තවත් මිතුරන් කිප දෙනෙකු සමග තිහගොඩ, මාගල්ගොඩ ජල පොම්පාගාරය ආසන්නයේ මත්පැන් පානය කරමින් සිට ඇති අතර රාති‍්‍ර 9.55ට පමණ ඔහුගේ ජංගම දුරකථනය නිල්වලා ගගට වැටි තිබේ. පසුව පොලිස් සැරයන්වරයා ගගට බැස ජංගම දුරකථනය සොයමින් සිටින අතරවාරයේ එම ස්ථානයේ සිටි කිඹුලකු විසින් ඔහු ඩැහැගෙන ගිය බව මිතුරන් පොලීසිය පවසා තිබේ.
ඒ අනුව අද (2) නාවික හමුදාව හා පොලීසිය එක්ව පොලිස් සැරයන්වරයාගේ සිරුර සොයා විශේෂ මෙහෙයුමක් දියත් කර තිබු අතර සවස 4 පමණ වනතෙක් ඔහුගේ සිරුර සොයා ගැනිමට නොහැකි විය. තිහගොඩ පොලීසිය ඉදිරි පරික්ෂණ මෙහෙයවනු ලබයි.