ලිට්රෝ ගෑස් මිල පෙබරවාරි මාසයේ මුල් සතියේදී ඉහළ දැමීමට නියමිත බව ලිට්රෝ ගෑස් සමාගමේ ආරංචි මාර්ග වාර්තා කරයි. එම මිල ඉහළ දැමීම රුපියල් 500කට ආසන්න මුදලකින් සිදුවනු ඇතැයිද වාර්තා විය.
ලිට්රෝ ගෑස් කිලෝග්රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කට ආසන්න අගයකින් ඉහළ යා හැකි බවත්, ඊට සාපේක්ෂව කිලෝග්රෑම් 05 සහ කිලෝග්රෑම් 2.3 සිලින්ඩරවල මිලද ඉහළ යා හැකි බව එම සමාගමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යෑම හේතුවෙන් මිල සූත්රයට අනුව මෙම මිල ඉහළ දැමීම සිදුවන බවත්, එම මිල ඉහළ දැමීම ලබන පෙරවාරි මස 05 වැනිදා සිට ක්රියාත්මක වන බවත් වාර්තා වේ.