කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ලොබි යළිත් ගුවන් මගීන් සමග පැමිණෙන අමුත්තන් සඳාහා 3/06 දින උදෑසන සිට විවෘත කර තිබේ.
ඒ අනුව ගුවන් තොටුපළ තුළ පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්ත වල ඇති ලොබි ශාලා වෙත, එක් ගුවන් මගියෙකු සමග එක් අමුත්තෙකුට පමණක් පැමිණිය හැකිය.
මේ සඳහා රුපියල් 300 ක ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත යුතු වන අතර, එම ප්‍රවේශ පත්‍ර කවුළු ද 06 දා උදෑසන සිට විවෘතව පවතී.
කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාවීමේ පියවරක් ලෙස මෙසේ කටුනායක ගුවන් තොටුපොළේ ලොබිය වෙත අමුත්තන්ට පැමිණීම තහනම් කර තිබුණි.