මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවර ජනතාවගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් මුලතිව් කයිතුරොයිපටිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි ධීවර සංගම් නියෝඡිතයන් හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
මෙහිදී මුලතිව් ප්‍රදේශයේ කරදිය හා මිරිදිය ධීවර කාර්මිකයන් මුහුණ පාන ගැටලු රාශියක් පිළිබදව අමාත්‍යවරයාගේ අවධානය යොමු කිරීමට එම නියෝජිතයන් කටයුතු කල අතර එහිදි විශේෂයෙන් අවධානයට ලක් වුයේ ලයිට්කොස්,හැබිලි දැල් භාවිතය, සංක්‍රමණික ධීවරයන්ගේ පැමිණීම වැඩිවිම, කොක්කුළායි කලපුවේ යාන්ත්‍රික බෝට්ටු යොදාගෙන සිදු කරන ධීවර කර්මාන්තය නතර කිරිම හා නයාරු හා නන්දිකඩාල් ජලාශය ප්‍රතිසංස්කරණය කිරීම යන කරුණු කෙරෙහි අමාත්‍යවරයාගේ අවධානයට ලක් කෙරිණි.
ධීවර කාර්මිකයන්ගේ ගැටලු කෙරෙහි අවධානය යොමුකල අමාත්‍යවරයා අදාල බලධාරින්ට මේ පිළිබඳව සොයා බලා කඩිනම් විසදුම් ලබාදීමට අවධානය යොමු කරන ලෙස දැනුම් දුන් අතර දැනටම නයාරු හා නන්දිකඩාල් කලපු ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති බවද පැවසිහ.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ලයිට් කොස් හා හැබිලි දැල් භාවිතය පිළිබද මුලතිව් දිසාපති හා සහකාර ධීවර අධ්‍යක්ෂකවරයා සමග සාකච්ඡා කර එය නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් උපදෙස් ලබා දුන්හ.
මෙම අවස්ථාවට මුලතිව් දිස්ත්‍රික් ලේකම්තුමා මුලතිවි සහකාර ධීවර අධ්‍යක්ෂක හා ප්‍රදේශයේ ධීවර සංගම් නියෝජිතයන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.