චීනයේ පූර්ණ ප්‍රදානයක් ලෙස පොලොන්නරුවේදී ඉදිවූ ජාතික වෘක්කවේද රෝහල හෙට (11දා) ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.
මෙම රෝහල හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ චීන සංචාරය තුළදී චීන ජනපති ෂී ජින්පිං මහතා ලබාදුන් පොරොන්දුවක් අනුව ඉදිකරනු ලැබීය.
ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් බිලියන 12කි. රෝහල සඳහා අවශ්‍ය සියලුම උපකරණද චීනය පරිත්‍යාග කර තිබේ.
චීන - ශ්‍රී ලංකා ජාතික වෘක්කවේද රෝහල ලෙසින් නම්කර ඇති මෙම රෝහල දකුණු ආසියාවේ ඇති විශාලතම වෘක්කවේද රෝහලද වෙයි.
මේ හරහා උතුරු මැද ඇතුළු දිවයිනේ බොහෝ ප්‍ර දේශවල ජනතාව පෙළෙන නිදන්ගත වකුගඩු රෝගීන්ට විශාල සේවාවක් ලබාදීමට අවස්ථාව තිබේ.
2017 වසරේ දෙසැම්බර් මාසයේදී මෙම රෝහලේ ඉදිකිරීම් ආරම්භ කළේය.