ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිරිම වැළැක්වීම සඳහා ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියට උපදෙස් ලබාදී ඇත.
මේ අනුව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරිම වැළැක්වීම සඳහා ගත යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ගයන් සහ ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට අදාලව පහත නම් සදහන් නිලධාරීන් යුත් කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පත් කර ඇත.
මෙම කමිටුවේ සාමාජිකයින් ලෙස ජනාධිපති අතිරේක ලේකම් රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා, සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, සෞඛ්යෙ සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, අතිරේක ලේකම්වරුන් වන වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා සහ ලක්ෂ්මි සෝමතුංගු මහත්මිය, වෛද්‍ය නිහාල් ජයතිලක මහතා, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා, ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා, විශේෂඥ වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම මහතා, ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරමින් බ්‍රිගේඩියර් වෛද්‍ය ක්‍රිෂාන්ත ප්‍රනාන්දු මහතා, වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ සුදත් සමරවීර මහතා, වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය, වෛද්‍ය පර්යේෂණ අංශයේ අධ්යක්ෂ ජයරුවන් බණ්ඩාර මහතා, ගුවන්තොටුපල සමාගමේ සභාපති ජෙනරල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා, ආගමන විගමන දෙපාර්තමේන්තු පාලකවරයාද පත් කර ඇත.