පැය 48 කට අධික කාලයක් සේවයට වාර්තා නොකර වැඩ වර්ජනයේ නිරත සියලුම දෙනා සේවය අතහැර ගියා සේ සලකන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව වැඩ වර්ජනයේ නිරත සියලුම දෙනාට අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානින් විසින් සේවය අතහැර ගිය සේවකයෙකු බවට නම්කර ලිපි නිකුත් කිරීම ආරම්භ කල බවද එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.