ආණ්ඩුව බලයට පත්ව මාස 7ක කාලයක් ගතවී ඇතත් මෙතෙක් මහබැංකු සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමක් හෝ විමර්ශනයක් සිදු නොවන බවත් වහාම මහ බැංකු මංකොල්ලකරුවන් අත්අඩංගුවට ගන්නැයි හිටපු අමාත්‍ය පී .හැරිසන් මහතා පවසයි.
අද (30) දින දඹුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක දී වැඩිදුරටත් කියා සිටියේ පසුගිය කාලයේ මැතිවරණය තුලින් ජනතාවට කිවේ මහබැංකු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බවත් එසේ සිදු නොකරන්නේ මන්දැයි හෙතෙම ප්‍රශ්න කළේය.
පාතාලයට තමන් සියලු දෙනාම විරුද්ධ බවත් මේ වනවිට පාතාලය මර්දනය කරනවා ද පාතාලය ආරක්ෂා කරනවා ද යන්න ප්‍රශ්නයක් පවතින බවත් වර්තමානයේ පාතාල කණ්ඩායම් ආරක්ෂා වීම සඳහා ඇමතිවරුන්ගේ රෙදි අස්සේ රිංගා ඇතැයි හෙතෙම චෝදනා කළේය.
ඇතැම් පාතාල කණ්ඩායම් ආණ්ඩුවේ රැකවරණ ඇතිව ක්‍රියාත්මක වෙන බවට ද පී හැරිසන් මහතා චෝදනා කළේය.
අරලියගහ මන්දිරය සහ සිරිකොත නැමැති ගොඩනැගිලි අල්ලා පලක් නොමැති බවත් සිදු කළ යුත්තේ ආණ්ඩු බලය ලබා ගැනීම පමණක් බවද හෙතෙම පැවසීය. රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කළ හැකි පාර්ලිමේන්තුව ඇල්ලීමෙන් පමණක් බවත් එසේ නොමැතිව අරලියගහ මන්දිරය හා සිරිකොත වැඩක් නැති බව ඒ මහතා පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තුව ඇල්ලීමෙන් පසුව අනෙක් ගොඩනැගිලි අල්ලන්නේ කෙසේද යන්න සොයා බලන්නේ යැයි ද කීවේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය පී .හැරිසන් මහතා.
"එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයව මේ දවස් වල විවිධ අපේක්ෂකයන්ට ලිපි එවමින් තියෙනවා පක්ෂයෙන් ඉවත් කළ බවත් විවිධ තනතුරු වලින් ඉවත් කළ බවත් පවසලා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයට එහෙම ලිපි එවන්න අයිතියක් නෑ විනය පරීක්ෂණයක් කරලා චෝදනා ගොනු කරලා තමයි එවැනි දෙයක් සිදු කරන්න ඕන.
ඒ නිසා එ ලියූම් කිසිම වැඩකට ඇති දේවල් නෙවෙයි ඉදිරියේදී මොකක්ද වෙන්නේ කියලා හැමෝටම බලාගන්න පුළුවන්.
තුන්මුල්ලේ විමලේ බොරුවට බෙරිහන් දෙනවා එම් සී සී ගිවිසුම ගැන ආණ්ඩුවට කියන්නේ මේ ගිවිසුමේ හොඳත් නරකත් දෙකම පෙන්නලා අනවශ්‍ය නම් මේක ඉරා දමන්න කියලා මැතිවරණයක් එනකොට මේක මහා යකෙක් වගේ පෙන්නනවා පස්සේ කියනවා සියට ගණනාවක් හොඳයි කියලා ඒ නිසා දෙබිඩි පිළිවෙත් අනුගමනය කරන්න එපා එම් සී සී ගිවිසුම හොඳ නැත්නම් වහාම ඉරා දමන්න පහුගිය ජනාධිපතිවරණ සමයේ සෑම වේදිකාවකම කිව්වේ මේක මහා යකෙක් කියලා ජයසිරි මහා බෝධීන් වහන්සේ වඳින්න ඇමරිකාවෙන් විසා ගන්න ඕන කිව්වා ඇයි එච්චර භයානක ගිවිසුමක් තියාගෙන ඉන්නේ වහාම ආණ්ඩුව ප්‍රකාශයට පත්කළ යුතුයි මේක ඉරනවා කියලා" යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
කාංචන ආරියදාස