කොළඹ වරායේ නැංගුරම් ලා ඇති විදේශීය රටකට අයත් නැවක සේවය කිරීම සදහා රෝමයේ සිට විදේශීය නාවිකයන් 155 දෙනෙකු අද (1) දින උදෑසන මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙන බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .
වාමෝස් ගුවන් සේවයට (Wamos Air ) අයත් ඊ.බී - 544 දරන විශේෂ ගුවන් යානයෙන් රෝමයේ සිට අද උදෑසන 10.20 ට මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මත්තල ගුවන් තොටුපළ තුළ දී මෙම ගුවන් මගීන් පිරිස පී.සී.ආර්. පරීක්ෂණ සදහා ලක් කිරීම සිදු කෙරෙන අතර , ඉන්පසු එම පරීක්ෂණ වල ප්රතිඵල ලැබෙන තෙක් ඔවුන් ගුවන් තොටුපළ අවට හෝටල් කීපයක තාවකාලිකව නවාතැන් ගැනීමට නියමිතය .