පොලොන්නරුව වැලිකන්ද මූලික රෝහලේ නව කොරෝනා හෙවත් කොවිඩ් 19 ආසාධිත රෝගීන් 7ක් ප්‍රතිකාර ලබමින් සිටින බවත් රෝහල්ගත කළ මුළු සංඛ්‍යාව 22ක් බවත් පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ (22දා) පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිණි.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පැවසුවේ නිවෙස්වල ස්වයං නිරෝධායනය කර ඇති පුද්ගලයින් ගණන 388ක් බවයි.වැඩි දුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා මෙසේ ද කීය.
"පොලොන්නරුවේ මේ වන විට නිවෙස්වල එහෙම නැත්නම් හෝම් කොරන්ටයින් කරන පුද්ගලයින් ගණන 388ක් වෙනවා.ඒ වගේම කන්දකාඩු නොරෝධායන මධ්‍යස්ථානයේ 371 ක පිරිසක් ඉන්නවා.පොලොන්නරුවේ රෝහල්වල 22ක් ප්‍රතිකාර ලබනවා.ඉන් සැක කටයුතු රෝගීන් 16 දෙනෙක් ඉන්නවා.
අපේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය හැටියට වැලිකන්ද මූලික රෝහල තමයි යොදාගෙන තිබෙන්නේ.වැලිකන්ද රෝහලේ මේ වන විට කොරෝනා රෝගීන් 7 ක් ප්‍රතිකාර ලබනවා.ඊට අමතරව වැලිකන්ද රෝහලේ 17 ක් සැක සහිත අය ලෙස ප්‍රතිකාර ලබමින් ඉන්නවා.
නමුත් අද අපට දැනගන්න ලැබුණා කොරෝනා නෙගටිව් කියලා.නෙත්නම් කොරෝනා නෑ කියලා තමයි වාර්තාවල තියෙන්නේ.අපි නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙන අය ඉතාමත් හොද අධීක්ෂණ ක්‍රියාවලියක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරු හරහා දෛනික වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යනවා.මේ සියලුම දෙනාට පුද්ගලිකවම උපදෙස් ලබා දීමේ වැඩපිළිවෙලකුත් ක්‍රියාත්මක වෙනවා.
ඒ වගේම ඒ කාලසීමාව අවසන් වූ පසු සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව අදාළ කාලසීමාව ස්වයං නිරෝධායනයට යොමු වූ බවට සහතිකයක් ලබා දීමට කටයුතු කරලා තිබෙනවා."