ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් ණය ලබාදී ඇති රටක් වන ජපානය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සාකච්ඡාවලට සහාය දෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හිදේකි මිසුකෝෂි පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් මිලියන 2900ක ණය ලබාගැනීමට නම් ශ්‍රී ලංකාව සිය ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණිය යුතු වෙයි.
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවට අවසන් ගිවිසුමට එළැඹිය හැකි වන පරිදි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ක්‍රියාවලියට සහය දැක්වීම සඳහා ජපානය ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිනවා. චීනය සහ ඉන්දියාව ඇතුළු අනෙකුත් ණය දෙන රටවල් සමඟ ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීමට ජපානය අදහස් කරනවා" යැයිද ඔහු පැවැසීය.
ජපානය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රමාණාත්මකව ඩොලර් බිලියන 3.5ක් පමණ වෙයි.
ශ්‍රී ලංකාව දශක කිහිපයකින් එහි දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින අතර, විදේශ විනිමය සංචිත දැඩි ලෙස ක්ෂය වී ඇති අතර ඉන්ධන සහ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දිගු හිඟයකට මග පාදයි.