නීතිපති දප්පුල ද ලිවේරා මහතා මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට කළ දැනුම්දීම සිකුරාදා (24 වැනි දින ) සවස පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ අවධානයට ලක්ව ඇත.
නීතිපතිවරයා විසින් සිදුකළ මෙම නියෝගය හේතුවෙන් මහජනතාව අතර අධිකරණය පිළිබඳව විශ්වාසය බිඳවැටීමට ඉඩකඩ ඇති බව මෙහිදි සාකච්ඡාවට ලක්ව තිබේ.
තවද මෙවැනි නියෝග නිසා අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට මෙන්ම විනිසුරුවරුන්ගේ වෘත්තීය ගරුත්වයට ද බලපෑම් එල්ලවන බවට මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ජාවට භාජනය වි තිබේ.
නීතිපතිවරයා විසින් ලබාදුන් නියෝග මත සිදුවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම් සහ පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් වැනි නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට ලබාදුන් නියෝගයද මෙහිදි ව්‍යවස්ථා සභා සාමාජිකයන්ගේ විශේෂ සැලකිල්ලට ලක්විය .
මේ සම්බන්ධයෙන් කථනායකවරයා, නීතිපතිවරයා කැඳවා කරුණු විමසිය යුතු බවට ද මෙහිදි තීරණය කරන ලදි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාව , කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (24 වැනි දින ) සවස පැවැත්වුණු අතර ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විපකනායක සජිත් ප්‍රේමදාස මහතා,හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා, පා.ම තලතා අතුකෝරාළ මහත්මිය සහ සිවිල් සංවිධාන නියෝජිතයන් වන නීතිඥ ජාවුඩ් යූසුෆ් මහතා සහ එන්. සෙල්වකුමාරන් මහතා ආදීහු සහභාගී වූහ.