පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්යක්ෂවරයා ඉල්ලා අස්වෙමින් කළ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් කර ඇති පැමිණිල්ල කඩිනමින් විභාග කරන්නැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (24දා) සූම් තාක්ෂණය හරහා රැස්වූ අවස්ථාවේදී වෙළඳ අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර තිබේ.
ඒ අනුව අදාළ පරීක්ෂණය කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍යතුමා ඒ මොහොතේදීම පොලිස්පතිවරයාට දුරකථන ඔස්සේ දැනුම් දුන්නේය.