වැලිසර නාවික හමුදා කඳවුරේ සිට මුලතිව් හා කිලිනොච්චිය ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතට පැමිණ සාර්ථකව නිරෝධායනය අවසන් වූ නාවික සෙබලුන් 300 දෙනෙකු ඊයේ (27) නිවෙස් වෙතට පිටත්ව ගිය බවට ගුවන් හමුදාව පවසයි.
කිලිනොච්චිය ඉරණමඩු ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේදී සාර්ථකව නිරෝධායනය වූ නාවික හමුදා සෙබලුන් 77 දෙදෙනකුද මුලතිව් ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේදී නාවික හමුදා සෙබලුන් 223 දෙනෙකු මෙසේ නිවෙස් වෙතට රැගෙන යාමට ගුවන් හමුදාව පියවර ගනු ලැබීය.
පසුගිය මැයි මස 20 වන දින ඉරණමඩු ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙතට පැමිණි නාවික හමුදා සෙබලුන් මෙසේ ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෘෆ් කපිතාන් රොහාන් පතිරණ මහතාගේ නායකත්වයෙන් නිරෝධායනය ක්‍රියාවලිය සිදු විය.