පාපැදි සදහා මේ වන විට ලීසිං සමාගම් විසින් ණය ලබා දිම ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
ඉන්ධන මිල ඉහල යාමත් ඉන්ධන සපයා ගැනීමේ අපහසුවත් මත මේ වන විට පාපැදි වෙත නැඹුරු වීමට පටන් ගෙන තිබේ.නමුත් පාපැදි මිල නොසිතු අයුරින් ඉහල යාමත් සමග ලීසිං සමාගම් කීපයක් මේ වන විට පුත්තලම හා ආණමඩුව ප්රදේශ වල ජනතාවට ණය ලබා දීමට කටයුතු කර තිබේ.
ලීසිං සමාගම් කීපයකින් කල විමසීමේදි පවසා සිටියේ පාපැදියක් මේ වන විට රුපියල් පනස් දහසකට වැඩි ඉහල මිලක පැවතිමත් සමග ණය ලබා දීමට කටයුතු කල බවයි.