කොළඹ සිට අරුවක්කාලු කසල අංගණයට කසල බැහැර කිරීම සදහා එමින් තිබු ටිපර් රථ ඊයේ (30) දින රාත්‍රියේ සිට අද (1) දින දහවල් වනතුරු පැය 11 කට ආසන්න කාලයක් රඳවා ගත් අරුවක්කාලු විරෝධතාකරුවන් පොලීසියේ ඉල්ලිම මත කසල බැහැර කිරීමට ඉඩ දි තිබු බව කියයි.
කොළඹ සිට පැමිණි කසල ලොරි තොගය ඊයේ දින මධ්‍යම රාත්‍රි වන විට අරුවක්කාලු කසල අංගණය ආසන්නයට ළඟා වි තිබු නමුත් එම ටිපර් රථ කසල අංගණය වෙත යාම වලක්වා ලමින් වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත මුණසිංහ මහතා ඇතුළු අරුවක්කාලු විරෝධතාකරුවන් පිරිසක් මග හරස් කිරිමත් සමග කසල ලොරි අංගණය වෙත ගමන් කිරීමට නොහැකි වි තිබු බව කියයි.
පසුව අද දින අලුයම වන විට එම ස්ථානයට රැස්වු විශාල පිරිසක් මෙම ටිපර් රථ කසල අංගණය වෙත යාම වලක්වා ලමින් දැඩි විරෝධයක් මතු කරන්නට විය .
මේ සමග තත්ත්වය උණුසුම් විමත් සමග නොසන්සුන්කාරි තත්ත්වයක් මතුව තිබුනී.
පසුව විරෝධතාකරුවන් ග්‍රහණයේ පැය 11 කට අධික කාලයක් රඳවා තිබු කසල ටිපර් තොගය අංගණයට යාමට නොදි ආපසු හරවා යාමට විරෝධතාකරුවන් කටයුතු කරන ආකාරය දැක ගත හැකි විය.
කසල පිරවු ටිපර් රථ අරුවක්කාලු කසල අංගණ ප්‍රධාන පිවිසුමේ සිට නැවත ආපසු සැතපුම් දෙකකට ආසන්න දුරක් ගමන් කරමින් තිබියදී පොලීසිය මැදිහත් වි ටිපර් රථ නවතා පසුව විරෝධතාකරුවන් හමුවු වනාතවිල්ලුව පොලිස්ථානාධිපති පොලිස්පරික්ෂක බි .පතිරත්න මහතා විරෝධතාකරුවන් හමුවේ පවසා සිටියේ මේ වන විට මතුව ඇති මහජන පිඩාව සම්බන්ධන තමන් අද දින පුත්තලම දිසා අධිකරණයට කරුණු වාර්තා කර මේ සඳහා නීතිමය කටයුතු සලසා දෙන බවය.
පොලිස්ථානාධිපතිවරයාගේ වාචික ප්‍රකාශයට ඇහුන්කම් දුන් විරෝධතාකරුවන් පවසා සිටියේ මේ සදහා සාධාරණ විසඳුමක් ලබා දෙන්නේ නම් ඒ සදහා කිසිදු විරෝධතාවයක් මතු නොකරන බවත් මෙයට පෙර පවසා සිටි ආකාරයට විද්යානුකුල කසල බැහැර කිරිමකට මෙම ස්ථානය සකස් කරන ලෙසට විරෝධතාකරුවන් පොලිස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
පසුව පැය 11 කට වැඩි කාලයක් අරුවක්කාලු විරෝධතාකරුවන්ගේ ග්‍රහණයේ තිබු කසල පිරවු ටිපර් රථ නැවත කසල බැහැර කිරීමට අංගණය වෙත ගමන් කරන ආකාරය දැක ගත හැකි විනි.
පුත්තලම - හිරාන් ප්‍රියංකර