ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතාට අපහාස වන අයුරින් නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි මුද්‍රණාලයක මුද්‍රණය කර තිබී හමුවූ පොත් කට්ටල සම්බන්ධයෙන් පොලීසියට කළ පැමිණිලි පිළිබඳව අවධානය යොමුනොකිරීම නිසා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමටත්, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් එම පක්ෂය තීරණය කර තිබේ.
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සඳහන් කළේ මේ සම්බන්ධව පොලිස් මූලස්ථානයට එක්වරක්ද, මිරිහාන පොලීසියට දෙවරක්ද පැමිණිලි කළ බවයි.
නමුත් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා අධිකරණයේ නඩු පැවරීමටත්, මානව හිමිකම් කොමිසම හමුවට යාමටත් තීරණය කළ බව මන්ත්‍රීවරයා කීය.