ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව තමා හොරෙකු ලෙස හඳුන්වමින් කළ ප්‍රකාශය හේතුවෙන් තමාගේ කීර්ති නාමයට හානියක් සිදුව ඇති බැවින් ඊට එරෙහිව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට මිලියන 500 ක වන්දියක් ඉල්ලා නඩු පවරන බව අධිකරණ අමාත්‍ය,ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කීය.
ඒ අද (06) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
තවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට තමන් කිසිදු බාධාවක් සිදුකර නැති බවද, පරීක්ෂණ අඛණ්ඩව සිදුකරගෙන යාමට අදාළ අංශවලට උපදෙස් දී ඇති බවද විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවේය.