දකුණු ආසියානු කලාපය තුළ ළමයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිතම රට ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම පසුවන බව සාක් සංගමය විසින් සිදුකළ නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
ළමුන්ට එරෙහි ප්රචණ්ඩත්වය අවසන් කිරීම පිළිබඳ දකුණු ආසියානු මුල් පිවිසුම (South Asian Initiative to End Violence Against Children) නැමැති සමීක්ෂණයේදී මෙම කරුණු අනාවරණය කරගෙන ඇත.
ළමා අධ්‍යාපනය, සෞඛ්‍යය, ළමා ආරක්ෂණය, උපත් ලියාපදිංචිය වැනි කරුණුවලින් ලංකාව දකුණු ආසියාවේ ඉදිරියෙන්ම පසුවන බව මෙම සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.