සහල් තොග මිල පාලනය කිරීම සඳහා හෙට (04දා) සිට සහන මිලට සහල් තොග නිකුත් කිරීමට කටයුතු කරන බව ලංකා සතොස සභාපති ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
මධ්‍යස්ථාන 28ක් හරහා නාඩු සහල් කිලෝවක් රුපියල් 73කටද, සුදුකැකුළු සහල් කිලෝවක් රුපියල් 65කටද, කැඩුණු සහල් කිලෝවක් රුපියල් 60කටද අලෙවි කරන බව හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව සතොස වෙළෙඳ සැල් 370ක් තුළින් සහල් වර්ග 08ක් අඩු මිලට පාරිභෝගිකයන්ට ලබාදෙන බවත්, රුපියල් 65 බැගින් පොල්ගෙඩි 05ක් මිලදී ගැනීමට අවස්ථාව සලසා ඇති බවත් තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.