අපවත්වී වදාළ අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ශ්‍රී දේහය හෙට (09දා) උදෑසන 9.00 සිට කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබීමට නියමිතය.
සිංගප්පූරුවේ සිට අද (08දා) රාත්‍රී 9.10 ට UL309 දරණ විශේෂ ගුවන් යානයෙන් නාහිමියන්ගේ ශ්‍රී දේහය කටුනායක ගුවන් තොටුපළ වෙත වැඩම කරවන ලදී.
එහිදී, ශ්‍රී දේහය බාරගැනීම සඳහා මහා සංඝරත්නය ප්රමුඛ, කතානායක කරු ජයසූරිය මහතා සහ මැතිඇමතිවරු පිරිසක් ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.
ගුවන් තොටුපොළේ සිට බොරැල්ල ජයරත්න මල් ශාලාව වෙත අද රාත්‍රියේ වැඩම කරවන ලද නාහිමියන්ගේ ශ්‍රී දේහය, හෙට පෙ.ව. 8.00 දක්වා එහි තැන්පත් කර තැබෙනු ඇත.